හින්ද චින්තන සංකල්පය යථාර්තවත් කරමින් බළන්ගොඩ ජල සම්පාදන ව්‍යාපෘතිය ඉදිකිරීම ආරම්භ කිරීම සදහා මුල්ගල තැබීම 2012-01-20 දින බළන්ගොඩදී සිදුකරන ලදී. මෙම  අවස්ථාව සදහා ජල සම්පාදන හා ජලපවහන ගරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, රාජ්‍ය පරිපාලන හා ස්වදේශීය කටයුතු ගරු අමාත්‍ය ඩබි.ඩී.ජේ. සෙනවිරත්න , වනිතා හා සංස්කෘතික  කටයුතු අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය, සබරගමුව පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා වනිතා කටයුතු අමාත්‍ය භාණු මුනිප්‍රිය මැතිතුමා, බළන්ගොඩ නගර සභාවේ ගරු සභාපති නිමල් ගාමිණී වීරසිංහ මැතිතුමා, බළන්ගොඩ හා ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවල ගරු සභාපතිවරු, නගර සභා හා ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්, බෙල්ජියම් රජයේ නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් සහභාගි විය.

බළන්ගොඩ නගර සභාවේ මාර්ග සංවර්ධනය කටයුතු සදහා යොදවා ගැනීමට ටොන් හතරක මාර්ග තලනයක් මිලදී ගැනීමට තීරණය කර ඇත. ඒ සදහා පිළිගත් ආයතන වලින් අදාල පිරිවිතරයන් සහිත මිල ගණන් 2012-01-25 වන දින දක්වා බළන්ගොඩ නගර සභාව වෙත යොමු කල  හැකිය.
සියඵම මිල ගණන් 2012-01-25 දිනට පෙර “සභාපති, බළන්ගොඩ නගර සභාව” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනැවින් භාරදිය හැකිය. ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ “මාර්ග තලනය සදහා මිළ ගණන්” යනුවෙන් සටහන් කල යුතුවේ.
2012-01-26 වන දින පැවැත්වෙන ‍ටෙන්ඩර් මණ්ඩලයේදී මෙම මිළ ගණන් විවෘත කරනු ලබන අතර තාක්ෂණ ඇගයිම් කමිටුවේ නිර්දේශය මත මිලදී ගැනීම සිදු කරනු ලබන බව වැඩිදුරටත් දන්වා සිටිනු ලැබේ. මෙම මිළදී ගැනීම සම්බන්ධයෙන් අවසාන තීරණය බළන්ගොඩ නගර සභාව සතුවේ.

2010 වර්ෂය සදහා සබරගමුව පළාත් පාලන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පවත්වන ලද සබරගමුව පළා‍තේ පලාත් පාලන ආයතන අතර කාර්ය සාධන තරගයෙන් බළන්ගොඩ නගර සභා‍ව හොදම නගර සභාව වෙම්න් ප්‍රථම ස්ථානය දිනා සම්මාන ලැබීය. තවද බළන්ගොඩ මහජන පුස්තකාලය හොදම පුස්තකාලය ලෙස සම්මාන දිනා ගන්නා ලදී. බළන්ගොඩ නගර සභා පෙර පාසැල දෙවැනි ස්ථානය දිනා ගන්නා ලදී.

බළන්ගොඩ නගර සභාව මගින් පාලනය කරනු ලබන බළන්ගොඩ තානායමේ නව උත්සව ශාලාව අද  (2012-01-03) උදෑසන සබරගමුව පලාත් ප්‍රධාන අමාත්‍ය ගරු මහීපාල හේරත් මැතිතුමාගේ සුරතින් විවෘත විය. මේ අවස්ථාව සදහා බළන්ගොඩ ශ්‍රී.ලං.නි.පක්ෂ සංවිධායක හා පලාත් අමාත්‍ය භානු මුනිප්‍රිය මැතිතුමා,බළන්ගොඩ නගර සභාවේ ගරු සභාපති නිමල් ගාමිනී වීරසිංහ මැතිතුමා, ගරු උපසභාපති වසන්ත ගුණරත්න මැතිතුමා, නාගරික මන්ත්‍රීවරුන්, ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව, නගර සභා කාර්යය මණ්ඩලය ඇතුඵ විශාල පිරිසක් සහභාගිවිය.
තානායමක් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකාවේ එකම පළාත් පාලන ආයතනය බළන්ගොඩ නගර සභාව බැවින් මෙම අවස්ථාව ඉතා සුවිශේෂ බව පැමිණ සිටි පිරිස ඇමතු සබරගමුව පලාත් ප්‍රධාන අමාත්‍ය ගරු මහීපාල හේරත් මැතිතුමා පැවසීය.

බළන්ගොඩ නගර සභාවේ ගරු සභාපති නිමල් ගාමිණී වීරසිංහ මැතිතුමා, ගරු උප සභාපතිතුමා, මන්ත්‍රී මණ්ඩලය හා නගර සභා කාර්යය මණ්ඩලය ඔබ සැමට ලැබුවා වු 2012 වර්ෂය සාමය සතුට හා සමෘද්ධිය පිරුණු  සුභ නව වසරක් වේවායි ආසිරි පතයි. 

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන අතරින් කාර්යය සාධනයෙන් දෙවෙනි ස්ථානය ලබමින් ස්වර්ණ පුරවර සම්මාණය ලබා ගැනීමට බළන්ගොඩ නගර සභාව‍ට හැකිවී ඇත. 2011-12-06 දින කොලඹදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මෙම සම්මානය බළන්ගොඩ නගර සභාවේ ගරු සභාපති නිමල් ගාමිණී වීරසිංහ මැතිතුමා වෙත පිළිගන්වන ලදී.

 


2011 ඔක්තෝම්බර් ජාතික කියවීමේ මාසය වෙනුවෙන් බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලය මගින් සංවිධානය කරනු ලැබු සාහිත්‍ය තරගාවලියේ ත්‍යාග සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය 2011 නොවැම්බර් 15 දින ‍ප.ව. 2.00 ට බළන්ගොඩ තානායමේ නව උත්සව ශාලාවේදී පැවැත්විනි. බළන්ගොඩ නගර සභාවේ ගරු සභාපති නිමල් ගාමිණී වීරසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාව සදහා බළන්ගොඩ නගර සභාවේ ලේකම් එස්. එච්. සීලවතී මහත්මිය, නාගරික මන්ත්‍රීවරුන්, ප්‍රදේශයේ පාසැල් වල විදුහල්පතිවරුන්, පාසැල් සිසුන් ඇතුඵ විශාල පිරිසක් සහභාගිවිය.

2011 ජාතික කියවීමේ මාසය වෙනුවෙන් බළන්ගොඩ නගර සභාවේ මහජන පුස්තකාලයෙන් අන්තර් පාසැල් චිත්‍ර තරගයක් 2011-10-10 දින බළන්ගොඩ මහජන පුස්තකාලයීය ශාලාවේදී පවත්වන ලදී.

බළන්ගොඩ නගර සභාවේ ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානයට මුල්ගල තැබීම 2011-10-10 දින පෙ.ව. 11.04 ට යෙදෙන සුභ මොහොතින් සිදු විය. මෙම අවස්ථාව සදහා සබරගමු පළාත් සෞඛ්‍ය දේශීය වෛද්‍ය හා වනිතා කටයුතු ගරු අමාත්‍ය භාණු මුණිප්‍රිය මැතිතුමා , මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (මානව සම්පත් පරිපාලන හා මුදල්) ජේ. එම්. යූ. ඉන්ද්‍රරත්න මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ මහේෂ් ජල්තොට මහතා , සබරගමුව පළාත් පාලන කොමසාරිස් පාලිත නානායක්කාර මහතා,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා, බළන්ගොඩ නගර සභාවේ ගරු සභාපති නිමල් ගාමිණී වීරසිංහ මැතිතුමා,බළන්ගොඩ නගර සභාවේ ගරු උපසහාපති වසන්ත පුෂ්පකුමාර මැතිතුමා, බළන්ගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන්, බළන්ගොඩ නගර සභාවේ ලේකම් එස්.එචි.ශීලවතී මිය, බළන්ගොඩ නගර අවට පාසැල් සිසු සිසුවියන් ඇතුඵ විශාල පිරිසක් සහභාගි විය.

2011 ජාතික කියවීමේ මාසය වෙනුවෙන් බළන්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන වල සේවක සේවිකාවන් සදහා පොත් බැදීමේ දෙදින වැඩමුඵවක් අද (2011-10-06) උදෑසන ආරම්භ විය. බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාල ශාලාවේදී පැවැති මෙම අවස්ථාව සදහා බළන්ගොඩ නගර සභාවේ ගරු සභාපති නිමල් ගාමිණී වීරසිංහ මැතිතුමා, බළන්ගොඩ නගර සභාවේ ලේකම් එම්.එච්. ශීලවතී මහත්මිය ඇතුඵ පිරිසක් සහභාගි විය.

Older Posts »

Categories

Follow

Get every new post delivered to your Inbox.