බළන්ගොඩ නගර සභාවේ මැදිහත්වීමෙන් බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහයෝගයෙන් ඩෙංගු මර්දන ව්‍යාපෘතියක් 2009-06-10 දින සිට ආරම්භ විය. මෙහිදී දුමායනය මගින් මදුරුයන් බෝවීම අවම කිරීම හා ඩෙංගු බෝවීම පිළීබද ජනතාව දැනුවත් කිරීම සදහා පත්‍රිකා බෙදා හැරීම ආදී කටයුතු රැසක් මෙමගින් සිදු කෙරේ.
පහත දැක්වෙන්නේ එම ක්‍රියාවලිය නගරය තුල සිදුවු අයුරුය. මෙම කාර්යයන් අධීක්ෂණය කිරීම සදහා බළන්ගොඩ නගර සභාවේ ගරු සභාපති නිමල් ගාමිණී වීරසිංහ මැතිතුමා, බළන්ගොඩ නගර සභාවේ ලේකම් ආර්.ඩී.නලීන් පුෂ්පකුමාර මහතා, බළන‍්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමා සහ බළන්ගොඩ නගර සභාවේ වැඩබලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා සහභාගි විය.

























