බළන්ගොඩ නගරය දැනට ශ්‍රී ලංකාවේ තිබෙන පිරිසිදුම නගර කීපයෙන් එකකි. එසේ වීමට හේතුව වුයේ නිවැරදි කසළ කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම නිසාය. නමුත් ජනතාව විටින් විට කසල පාරට දැමීම නිසා නගරය නිරන්තරයෙන් පවිත්‍රව තබා ගැනීම බළන්ගොඩ නගර සභාවට ගැටඵවක් වී ඇත. එබැවින් කසල ගෙන යාම සදහා ට්‍රැක්ටර් රථ පැමිණෙන විට සීනු හඩක් නැංවීමට සකස් කිරීම තුලින් නගර සභාව කසල ගෙනයාමට පැමිණෙන බව ජනතාවට කල් තියාම දැන ගත හැකිය. එවිට කසල එම ට්‍රැක්ටර් වෙතම ගෙනවිත් දීමට ජනතාවට හැකියාව ලැබේ. එවිට නිරන්තරයෙන් කසලින් නගරය අපවිත්‍රවීම පාලනය කිරීමට හැකියාව ලැබේ.
මේ හේතුව නිසා නගර සභාවේ කුණු ට්‍රැක්ටර් වලට සීනු සවිකිරීම පසුගිදා සිදුවිය. මෙම අවස්ථාවට බළන්ගොඩ නගර සභාවේ ලේකම් ආර්.ඩී.නලීන් පුෂ්පකුමාර මහතා, කාර්මික නිළධාරී එම්.කේ.ජේ.නිශ්ශංක මහතා ඇතුලු සෞඛ්‍ය අංශයේ රියදුරු මහතුන් සහභාගිවිය.
පහත දැක්වෙන්නේ එහි විශේෂ අවස්ථාය.








මේක නම් නියම වැඩක්
නැත්නම් කුණු බෑග් සත්තු ඇදලා පළාතම ජරා කරනවා
By: ම on June 20, 2009
at 3:24 pm