Posted by: ucbalangoda | July 14, 2009

‍බළන්ගොඩ නගර සභාව නගරයේ හෝටල් බේකරි ව්‍යාපාරිකයින් අමතයි

පළාත් පාලන සතිය 2009 සමාරම්භක දිනය වු සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය වෙනුවෙන් සාර්ථක කසල කළමණාකරණ වැඩපිළිවෙලක් සදහා ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීම සදහා ව්‍යාපාරිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2009-07-13 පෙ.ව. 9.00  සිට ‍ප.ව. 12.00  දක්වා බළන්ගොඩ  නගර සභාවේ රැස්වීම් ශාලාවේදී පැවැත්විනි. මෙම වැඩමුඵව සදහා නගරයේ හෝටල් බේකරි ව්‍යාපාරිකයින් 62 ක් සහභාගිවු අතර ‍බළන්ගොඩ සෞඛ්‍ය නිළධාරි දෙපල විසින් මේ දිනවල පැතිරී යන වසං‍ගත ‍රෝග වැලකීම සදහා ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීම පිළීබදවත්, බළන්ගොඩ පොලිස් ස්ථානාධිපතිතුමා විසින් ප්‍රජා දායකත්වය හා  ගැටුම් සමථකරනය පිළිබදවත් නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිමල් ප්‍රේමතිලක මහතා විසින් නව කසල කළමණාකරන සැලැස්ම පිළිබදව දේශණ පවත්වන ලදී. මෙම රැස්වීම අවසාන‍යේදී නගරයේ ව්‍යාපාරික ප්‍රජා‍වගේ මුලිකත්වයෙන් sound matereal cercle socity නමින් කසල කළමණාකරණයට දායක විය හැකි සංවිධානයක් පිහිටුවන ලදී.

මෙම වැඩමුඵව ගරු සභාපති නිමල් ගාමිණී වීරසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර වැඩමුඵව මෙහෙයවන ලද්දේ සභාවේ ලේකම් ආර්.ඩී.නලීන් පුෂ්පකුමාර මහතා විසිනි‍.


Leave a response

Your response:

Categories