2011 ඔක්තෝම්බර් ජාතික කියවීමේ මාසය වෙනුවෙන් බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලය මගින් සංවිධානය කරනු ලැබු සාහිත්‍ය තරගාවලියේ ත්‍යාග සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය 2011 නොවැම්බර් 15 දින ප.ව. 2.00 ට බළන්ගොඩ තානායමේ නව උත්සව ශාලාවේදී පැවැත්විනි. බළන්ගොඩ නගර සභාවේ ගරු සභාපති නිමල් ගාමිණී වීරසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාව සදහා බළන්ගොඩ නගර සභාවේ ලේකම් එස්. එච්. සීලවතී මහත්මිය, නාගරික මන්ත්‍රීවරුන්, ප්‍රදේශයේ පාසැල් වල විදුහල්පතිවරුන්, පාසැල් සිසුන් ඇතුඵ විශාල පිරිසක් සහභාගිවිය.
Advertisement













































