Posted by: ucbalangoda | August 14, 2012

බළන්ගොඩ ‘දොරවෙල ඔය’ සංවර්ධන ව්‍යාපෘතිය අගෝස්තු 15 ඇරඹේ.

ඕස්ට්‍රේලියානු රජයේ මුල්‍යාධාර සහිතව එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස සංවර්ධන වැඩසටහන (UN-Habitat) මගින් බළන්ගොඩ නගරය සඳහා ක්‍රියාත්මක වන ‘ශ්‍රී ලංකාවේ නගර ආපදාවන්ට ඔරොත්තු දෙන පරිදි සකස් කිරීමේ ව්‍යාපෘතිය’ යටතේ බළන්ගොඩ ‘දොරවෙල ඔය’ සංවර්ධනය කිරීමේ  ව්‍යාපෘතියක් සැලසුම් කොට ඇත. මෙම ‘දොරවෙල ඔය’ සංවර්ධන ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය අගෝස්තු මස 15 වන දින (බදාදා) පෙ.ව. 10.00 ට ‘තුරු උයන’ අසළදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මිට සමගාමීව ප්‍රජා සහභාගිත්වයෙන් සිදු කෙරෙන දොරවෙල ඔය පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක්ද එදිනට සැලසුම් කර තිබේ.

දොරවෙල සංවර්ධන ව්‍යාපෘතිය මගින් බළන්ගොඩ නගරයට විටින් විට බලපාන ගංවතුර තත්වය සහ ඔයේ ඉවුරු සෝදායාම වැළැක්වීම සඳහා පිළියම් යෙදීමට මුලිකව බලාපොරොත්තු වේ. මිට අමතරව දොරවෙල අවට ප්‍රදේශය, නාගරික ජනතාවට විවේකය ගත කිරීම සඳහා සුදුසු සෞන්දර්යාත්මක පරිසරයක් ලෙස සකස් කිරීමටද මෙම ව්‍යාපෘතියෙන් මග හෙළි කෙරේ. දොරවෙල ඔයේ ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම ව්‍යාපෘතියේ තවත් අරමුණක් වේ.

දොරවෙල සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 8 ක පමණ මුදලක් ‘ශ්‍රී ලංකාවේ නගර ආපදාවන්ට ඔරොත්තු දෙන පරිදි සකස් කිරීමේ ව්‍යාපෘතිය’ මගින් බළන්ගොඩ නගර සභාවට සැපයේ. මෙම ව්‍යාපෘතිය මෙම වසර අග වන විට අවසන් කිරීමට අපේක්ෂිතය.

About these ads

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Categories

Follow

Get every new post delivered to your Inbox.

Join 679 other followers

%d bloggers like this: