බළන්ගොඩ නගර සභාවේ 2013 වර්ෂය සදහා යෝජිත අයවැය සැකසීම සදහා ජනතාවගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීමට බළන්ගොඩ නගර සභාව අපේක්ෂා කරයි.
බළන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල 2013 වර්ෂය තුල ක්‍රියාත්මක කල යුතුව ඇතැයි ඔබ සිතන සංවර්ධන යෝජනාවන් සම්බන්ධයෙන් ඔබගේ අදහස් අප අප වෙත දන්වා එවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
දැනට බළන්ගොඩ නගර සභා බල ප්‍රදේශයේ ඇති අඩුපාඩු හා ඒ සදහා ලබා දිය හැකි විසදුම් යෝජනා ඔබ අප වෙත ඉදිරිපත් කරන්නේ නම් වඩා යෝග්‍ය වන අතර මෙම යෝජනා 2012 ඔක්තෝම්බර් 20 වෙනි දිනට පෙර යොමු කරන මෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිමු.
ඔබගේ යෝජනා පහත ආකාර වලින් අප වෙත යොමු කල හැකිය.
01. සාමාන්‍ය තැපැල් ලිපි වශයෙන් එවන්නේ නම් පහත ලිපිනයට යොමු කරන්න.
ලේකම්, නගර සභාව, බළන්ගොඩ, ශ්‍රී ලංකාව
02. විද්‍යුත් තැපැල් මගින් ඔබගේ යෝජනා එවන්නේ නම් urbanbg@sltnet.lk යන ලිපිනයට එවිය හැකිය. ඉංග්‍රීසි භාෂාවෙන්ද ඔබේ යෝජනා අපවෙත යොමු කල හැකිය.(සිංහලෙන් ඔබේ යෝජනා එවන්නේ නම් අදාල සිංහල අකුරුද අප වෙත යොමු කරන්න. නැතහොත් සිංහල යුනිකොඩ් භාවිතා කර ලියා එවන්න.)
03. මෙම බ්ලෝග් අඩවියේ comments යටතේ ඔබේ යෝජනා අප වෙත යොමු කල හැකිය. එසේ යොමු කිරීමේදී ඔබේ නම, ලිපිනය හා ඔබ ඇමතිය හැකි දුරකථන අංකද දන්වා එවන්නේ නම් මැනවි.
04. බළන්ගොඩ නගර සභා නිල වෙබ් අඩවියේ ඇති ඔබගේ අදහස් අපවෙත ලබා දිය හැකි විද්‍යුත් ප්‍රජා ප්‍රතිචාර කවුලුව තුලින්ද අයවැය සදහා වු ඔබේ යෝජනා අප වෙත ලබා දිය හැකිය.
විද්‍යුත් ප්‍රජා ප්‍රතිචාර කවුලුවට පිවිසීමට මෙතැන ක්ලික් කරන්න.
බළන්ගොඩ නගරය , ජනතා හිතවාදී සංවර්ධන ක්‍රියාදාම තුලින් තිරසාර වු ආනන්දනීය නගරයක් කිරීම අපේ අරමුණයි. ඒ සදහා ඔබගේ සහයෝගය අප බලාපොරොත්තු වන්නෙමු


බලංගොඩ අක්කර 18 මාර්ගයේ අබලන්ව ඇති මාර්ගය සකස් කර දෙන මෙන් ඉල්ලා සිටිමි.එමෙන්ම වෙන්කර ඇති පොදු ඉඩමේ පොදු ගොඩනැගිල්ලක් ඉදිකර දීමට කටයුත කරන මෙන් ඉල්ලා සිටිමි.
By: v.gunapala on October 24, 2012
at 3:21 am