2013 වර්ෂය සදහා බළන්ගොඩ නගර සභාවේ පොදු වෙළදසැල මස් කඩ, විවෘත කඩ අංක 06 හා බළන්ගොඩ නගරයේ රථ වාහන නැවතුම් ගාස්තු අය කිරීම සදහා බදුකරුවන් තෝරා ගැනීම සදහා ලංසු පත් කැදවීම දැන් සිදුකෙරේ. මුද්‍රතබන ලද ලංසු පත් බළන්ගොඩ නගර සභාවේ ගරු සභාපති වෙත 2012 නොවැම්බර් 15 පෙ.ව. 10.00 ට පෙර භාර දිය යුතුය. එදින පෙ.ව. 10.30 ට ලංසු පත් විවෘත කරනු ලැබේ. එම අවස්ථාව සදහා ලංසු අයදුම්කරුවන්‍ට හෝ ඔවුන්ගේ බලයලත් නියෝජිතයෙකුට සහභාගි විය හැකිය.
මේ පිලිබද වැඩි විස්තර 045-228275 දුරකථන අංකයෙන් හෝ බළන්ගොඩ නගර සභා නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය
නැතහොත් මෙතැනින් බාගත කර ගන්න
