Posted by: ucbalangoda | October 24, 2012
බළන්ගොඩ නගර සභා බලප්‍රදේශයේ වරිපනම් බදු අයකිරිම පිළිබද කෙරෙන නිවේදනයි.
2013 වර්ෂය සදහා වරිපනම් බදු පැනවිම සදහා මේ දිනවල සෑම නිවෙසකම හා ව්‍යාපාරික ස්ථානයකටම තක්සේරු දැන්විම් නගර සභාව විසින් බෙදාහරිමින් පවති. මෙම තක්සේරු දැන්විම පිළිබද ඔබගේ කිසියම් විරෝධ තාවයක් වෙතොත්, පිටපත් දෙකකින් යුක්තව 2012-12-31 දිනට පෙර නගර සභාවට භාරදිය යුතුය.
2012 වර්ෂයේ අයකල බදු මුදලම 2013 වර්ෂයටද නියමකර ඇති බැවින්, 2013 ජනවාරි 31 දිනට පෙර ඔබට අදාල දෙපල වෙනුවෙන් වරිපනම් ගෙවිමේදී 10% ක වට්ටමක් හිමිවන අතර ,කාර්තු වශයෙන් සිදුවන ප්‍රමාදවීම් සදහා 20%ක දඩ ගාස්තුවක් අය කෙරෙන බවත් දන්වමි.
2012-12-31 දිනට සියළුම හිග වරිපනම් දෙසැම්බර් 31 වන දිනට පෙර ගෙවන ලෙස දන්වමි.2013 වර්ෂය සදහා අදාල වරිපනම් බදු ජනවාරි 31 දිනට ප්‍රථමයෙන් ගෙවිය යුතු බවත් කාරැණිකව දන්වමි.
ලේකම්, බළන්ගොඩ නගර සභාව
Like this:
Like Loading...