බළන්ගොඩ නගර සභාව විසින් ඉදිකිරීම ආරම්භ කල නව පොල භුමියේ වැඩකටයුතු දැන් අවසන් වෙමින් පවති. බළන්ගොඩ ප්‍රධාන බස්නැවතුම්පල අසල ඉදිවෙම්න් පවතින මෙම පොල තව නොබෝ දිනකින් ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇත. මෙය ජනතා අයිතියට පත්වීමෙන් පසු පොලේ වෙළද ප්‍රජාවට මෙන්ම පාරිභෝගික ජනතාවටද මහත් පහසුවක් අත්වනු ඇති බව ඉදිවෙමින් පවතින පොලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වු බළන්ගොඩ නගර සභාවේ ගරු සභාපති නිමල් ගාමිණී විරසිංහ මැතිතුතමා පැවසීය.
බළන්ගොඩ නගර සභාවේ නව පොල ඉදිකිරීම් අවසන් වෙමින් පවතී.
Posted in Uncategorized
බළන්ගොඩ නගර සභාවේ පෙර පාසැල් ලෝක ළමා දිනය සමරයි.
බළන්ගොඩ නගර සභාව මගින් පාලනය වන පෙර පාසැල් දෙකෙහිම දරුවන්ගේ සහභාගීත්වයෙන් ලෝක ළමා දිනය වෙනුවෙන් විශේෂ උත්සවයක් 2009 ඔක්තෝම්බර් 01 වෙනි දින බළන්ගොඩ නගර සභා පෙර පාසැල් භූමියේදී පැවැත්විනි.
මෙහිදි පෙර පාසැල් දරුවන් අතර විවිධ තරග ආදිය පැවැත්වුනු අතර අවසානයේදී තෑගි බෙදා දීමක්ද සිදුවිය. මෙම ලෝක ළමා දිනය සැමරීමේ උත්සවයේ විශේෂත්වයක් වුයේ ජාතින් අතර සහයෝගීත්වය දරුවන්ගේ සිත් තුලට ඇතුල්කිරීම සදහා සකස් කල විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම විය.
Posted in Uncategorized
බළන්ගොඩ නගර සභාවේ පොදු වෙළදසැලේ මාඵ කඩ 2010 වර්ෂය සදහා බදු දීම සදහා ලංසු කැදවීම
බළන්ගොඩ නගර සභාවේ පොදු වෙළදසැලේ මාඵ කඩ 2010 වර්ෂය සදහා බදු දීමට ලංසු කැදවීම දැන් සිදු කෙරේ. මේ සදහා වන ලංසු දැන්වීම් දැන් බළන්ගොඩ නගර සභා නිල වෙබ් අඩවියෙන් දැන් ලබා ගත හැකිය.
Posted in Uncategorized
බළන්ගොඩ නගර සභාවේ පොදු වෙළදසැලේ එළවඵ හා සිල්ලර කඩ 2010 වර්ෂය සදහා බදු දීම සදහා ලංසු කැදවීම
බළන්ගොඩ නගර සභාවේ පොදු වෙළදසැලේ එළවඵ හා සිල්ලර කඩ 2010 වර්ෂය සදහා බදු දීම සදහා ලංසු කැදවීම දැන් සිදු කෙරේ. මෙයට අදාල ලංසු දැන්වීම් දැන් බළන්ගොඩ නගර සභා නිළ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
Posted in Uncategorized
බළන්ගොඩ නගර සභාවේ පොදු වෙළදසැල මස් කඩ 2010 වර්ෂය සදහා බදු දීම සදහා ලංසු කැදවීම
බළන්ගොඩ නගර සභාවේ පොදු වෙළද සැලේ මස් කඩ බදු දීම සදහා ලංසු කැදවීම දැන් සිදු කෙරේ. මේ සදහා වන ලංසු දැන්වීම දැන් බළන්ගොඩ නගර සභා නිළ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
Posted in Uncategorized
බළන්ගොඩ නගර සභාවට වායු සමීකරණ යන්ත්‍ර මිලදී ගැනීම සදහා ලංසු කැදවීම
බළන්ගොඩ නගර සභාවට හා බළන්ගොඩ තානායම සදහා වායු සමීකරණ යන්ත්‍ර මිලදී ගැනීම සදහා ලංසු කැදවීමට දැන් සිදු කෙරේ. අදාල ලංසු දැන්වීම බළන්ගොඩ නගර සභා නිළ වෙබ් අඩවියෙන් ලබා දැන් ලබා ගත හැකිය.
Posted in Uncategorized
බළන්ගොඩ නගර සභාවේ විදුනැණ පියස මධ්‍යස්ථානයෙන් රැකියා විරහිත තරුණ තරුණියන් සදහා නොමිලේ පරිගණක දෘඩාංග පිළිබද පාඨමාලාවක්..
බළන්ගොඩ නගර සභාව මගින් ක්‍රීයාත්මක ඊ-බළන්ගොඩ තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධන ව්‍යාපෘතිය යටතේ විදුනැණ පියස මධ්‍යස්ථානය මගින් බළන්ගොඩ ප්‍රදේශයේ රැකියා විරහිත තරැණියන් සදහා නොමිලේ පරිගණක දෘඩාංග පිළිබද පාඨමාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ සදහා වන අයදුම්පත් දැන් බළන්ගොඩ නගර සභා විදුනැණ පියස මධ්‍යස්ථානට පැමිණ ලබා ගත හැකිය.
මාස 6 ක් පුරාවට සම්පුර්ණයෙන්ම නොමිලයේ පැවැත්වෙන මෙම පාඨමාලාව සෑම සදුදා දිනකම පෙ.ව. 8.30 සිට ප.ව. 12.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Posted in Uncategorized
බළන්ගොඩ නගර සභාව අඩු ආදායම්ලාභී දරුවන්ට අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනමයි.
බළන්ගොඩ නගර සභා බල ප්‍රදේශය තුල වෙසෙන අඩුආදායම් ලාභී පවුල් කිහිපයකින් 2006/2007 හා 2007/2008 අධ්‍යන වර්ෂ සදහා විශ්වවිද්‍යාල වලට සමත් සිසු සිසුවියන් සදහා බළන්ගොඩ නගර සභාව මගින් ශිෂ්‍යත්ව පිරිනමන ලදී. 2009-09-25 වන දින පැවති මහා සභා රැස්වීමේදී මෙම ප්‍රදානයන් සිදුකරන ලදී.
Posted in Uncategorized
බළන්ගොඩ නගර සභා සුභ සාධක සංගමයෙන් දේශීය රෙදිපිළි නිෂ්පාදනයට අත්වැලක්..
බළන්ගොඩ නගර සභා සුභ සාධක සංගමය හා ශ්‍රී ලංකා පේෂ කර්මාන්ත සංගමය හා එක්ව දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන රෙදිපිළි අලෙවි කිරීමේ පොලක් සංවිධානය කරන ලදී. අද දින (2009-09-24) දවස පුරා බළන්ගොඩ නගර සභා කාර්යාල භූමියේදී පැවැති මෙම දේශීය රෙදිපිළි පොල සදහා රාජ්‍ය නිළධාරීන් ඇතුලු විශාල පිරිසක් සහභාගි විය.
Posted in Uncategorized
බළන්ගොඩ නගර සභාව තවත් මාර්ග 08 ක් සංවර්ධනය සදහා වැඩ ආරම්භ කරයි.
මග නැගුම ව්‍යාපෘතිය යටතේ බළන්ගොඩ නගර සභා බලප්‍රදේශයේ තවත් මාර්ග 08 ක් සංවර්ධනය ආරම්භ කීරීම බළන්ගොඩ නගර සභාව විසින් පසුගියදා ආරම්භ කරන ලදී.
මෙසේ ආරම්භ කරන ලද මාර්ග පහත දක්වා ඇත. ඒ සමගම එම මාර්ග සංවර්ධනයට පෙර පැවති අයුරු ජායාරූප මගින් දන්වා ඇත.
01. ඇල්ලෙපොල මාලිගාතැන්න කඩේ අසලින් ඉහල පාර සරස්වතී වත්තට සම්බන්ධ මාර්ගය.
02. ආනන්ද මෛත්‍රීය මාවත සිට (අංක 151 අසල) සුදර්ශනගම 1 පටුමග සම්බන්ධ වන මාර්ගය ඉදිරි කොටස.



03. පල්ලෙවෙල ලිද අසල අතුරු මාර්ගය


04. සමගි මාවත (අක්කර 18) ගරාජය අසලින් අතුරු මාර්ගය පහල දකුණුපස මාර්ගය අඩි 565 ක් සංවර්ධනය කිරීම




05. වැලිහරණාව අතුරු මාර්ගය

06. සදුන්ගම මාර්ගය අවසාන කොටස (4 අධියර)



07. තුඹගොඩ කෝපි වත්ත රණවිලාවත්ත මාර්ගය ඉතිරි කොටස




08. කරව්කැටිය ගල් වල මාර්ගය


Posted in Uncategorized

















































