Posted by: ucbalangoda | March 7, 2024

බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලය 2024 ජගත් කාන්තා දිනය සමරයි.

බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලය 2024 ජගත් කාන්තා දිනය සමරයි.

2024 ජගත් කාන්තා දිනයට සමගාමීව බළන්ගොඩ මහජන පුස්තකාල උපදේශක කමිටුවේ මඟපෙන්වීම මත බළන්ගොඩ මහජන පුස්තකාලය, බළන්ගොඩ නගර සභාව හා එක්ව බල ප්‍රදේශය තුල සිටින ගැබිණි මව්වරුන් සහභාගී කරවා ගනිමින් උදැසන ධර්ම දේශනාවක් සමඟ රසවින්දන වැඩසටහනක් 2024 මාර්තු මස 06 වන දින නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මේ සඳහා ධර්ම දේශනයට සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ රත්නපුර මහා දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රාස්ත්‍රපති පුජ්‍ය ගැටැරලුවේ සංඝරක්ඛිත ගරු ස්වාමින්වහන්ස වැඩම කල අතර රසවින්දන වැඩසටහන වෙනුවෙන් සම්පත් දායකත්වය වැළිගෙපොල ප්‍රාද්ශිය ලේකම් කාර්යාලයේ සමථ වැඩසටහන් නිලධාරී ලලිත් හපුගහපිටිය මහත්මයා විසින් සිදු කරනු ලැබිණි.
සහභාගී වු මව්වරුන් සඳහා උදැසන දොඩම් පානය ආයුර්වේද වෛද්‍යාචාරීනී සධානා සංජීවනි මහත්මියගේ දායකත්වයෙන්ද, තේ පැන් සංග්‍රහය පාඨක සමාජයේ දායකත්වයෙන්ද, වියළි ආහාර සහිත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මල්ලක් විශ්‍රාමලත් පාඨශාලාචාරීනි කුසුමා අබේසිංහ මහත්මියගේ දායකත්වයෙන්ද, බළන්ගොඩ නගර සභා පෙර පාසලේ දුවා දැරියන් සහ ගුරු මණ්ඩලයේ දායකත්වයෙන් ඔවුන්ට අවශ්‍ය තවත් ද්‍රව්‍යය කිහිපයක්ද, දහවල් ආහාරය පුස්තකාල කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන්ද ලබා දෙන ලදී.


Leave a comment

Categories